මේ අයට කොළඹට විශේෂ කැඳවීමක්
දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් කොළඹ දී විශේෂ රැස්වීමක් අද පැවැත්වීමට නියමිතව ඇත .
මෙහිදී එම ප්‍රාදේශීය ලේකම්වරුන්ව 2026 රජයේ සංවර්ධන වැඩසටහන් සහ ප්‍රජා ශක්ති ග්‍රාමීය සංවර්ධන ප්‍රවේශය පිළිබඳව දැනුවත් කිරීමක් සිදුවේ.
මෙම රැස්වීම අරලියගහ මන්දිරයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත්කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වයි .
ප්‍රාදේශීය ලේකම්වරුන් මෙහිදී ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීම සඳහා රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක ප්‍රජා ශක්ති වැඩසටහන බිම්මට්ටමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ මෙහිදී පුළුල් ලෙස දැනුවත් කිරීමක් සිදුවේ .
තවද මෙම රැස්වීමේදී
- රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණ අවශ්‍යතාව
- සංවර්ධනය සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ භූමිකාව
- ප්‍රජා ශක්ති වැඩසටහනේ ඩිජිටල් පද්ධති සහ අවකාශ පිළිබඳ හඳුන්වාදීම
- අල්ලස් හා දූෂණ පිටුදැකීම සහ විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරිමේ රටම එකට ජාතික මෙහෙයුම සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සක්‍රීයදායකත්වය ලබා ගැනීම
ආදී කරුණු රැසක් පිළිබදව සාකච්ජා කරනු ලබයි .