සජබෙ ලොක්කියකුයි ශ්රී.ල.නි.ප ලොක්කෙකුයි අත්අඩංගුවට - හේතුව මෙන්න
By Kaushi
ජාඇල ප්රාදේශීය සභාවේ වැඩ පරීක්ෂකවරයෙකුගේ රාජකාරියට බාධා කළ බව කියන ජාඇල ප්රාදේශීය සභාවේ මන්ත්රීවරයකු සහ මන්ත්රීවරියක අත්අඩංගුවට ගත් බව කඳාන පොලිසිය වාර්තා කරයි.
ඒ අනුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්රීවරයකු සහ සමගි ජන බලවේගයේ මන්ත්රීවරියක් බව සඳහන්.
ජාඇල ප්රාදේශීය සභාවේ වැඩ පරීක්ෂක කේ විෂ්ණු කාන්තන් මහතා පසුගිය 08 වෙනිදින කඳාන පල්ලිය පාරේ ගොඩනැගිලි අලෙවි සලක් අසල ජලය බැස යන කාණුවක් මත ඉදිකරන ලද කුකුළු මස් කඩයක් ඉවත් කිරීමට යාමේදී ඊට විරුද්ධව සැකකාර මන්ත්රීවරයා සහ මන්ත්රීවරිය බලහත්කාරය පෑම පිළිබඳ කරන ලද පැමිණිල්ලකට අදාළව මෙම සැකකරු සහ සැකකාරීය අත්අඩංගුවටගෙන තිබෙනවා.
ඒ අනුව කඳාන පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති රුවන් පතිරණ මහතාගේ උපදෙස් මත අඳාළ පරීක්ෂණ පවත්වන බව සඳහන්.