මැතිවරණය ජයග්‍රහණය කරන විදිය ගැන නාමල් රාජපක්ෂ ගෙන් ප්‍රකාශයක්..

Basil Rajapaksa Mahinda Rajapaksa Namal Rajapaksa Sri Lanka Politician Sri Lanka Podujana Peramuna
By Aruna Jul 06, 2024 07:09 AM GMT
Aruna

Aruna

Report

වර්තමානයේදී පක්ෂ බෙදා වෙන්කොට මැතිවරණ ජයග්‍රහණය කිරීමට නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කර සිටිනවා.

මෙසේ පක්ෂ බෙදා වෙන්කිරීමෙන් මැතිවරණ ජයග්‍රහණය කිරීම යල් පැන ගිය උපක්‍රමයක් බවයි රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකාවෙන් අලුත් බලාපොරොත්තුවක්...

ශ්‍රී ලංකාවෙන් අලුත් බලාපොරොත්තුවක්...


2019 දී පක්ෂයේ බෙදීම නිසා එක්සත් ජාතික පක්ෂයට උරුම වූ අන්ත පරාජය ගැන සිතා වැඩ කළ යුතු බවත් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ද බෙදී යාමෙන් සීසීකඩ ගොස් ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

නාමල් රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේ, ඒ අනුව කල යුත්තේ පක්ෂ කැඩීම නොව එකට ශක්තිමත්ව නැගී සිටීම පමණක්ම බවයි.

මේ අතර රනිල් වික්‍රමසිංහ අනිවාර්යයෙන්ම ජනපතිවරණයට ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා ගාල්ලේදී අද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

"රනිල් වික්‍රමසිංහ ජනපති මේ ජනපතිවරණයට ඉල්ලනවාද? නැද්ද? කියා දෙගිඩියාවක් ජනතාව තුළ තිබෙනවා.

අනිවාර්යෙන්ම ඉදිරි ජනාධිපතිවරණයට අපේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වෙනවා.

රුවන් විජයවර්ධන මහතා එහිදී සඳහන් කළේ, රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස ඉදිරිපත් වී අනිවාර්යයෙන්ම ඔහු ජයග්‍රහණය කරන බවයි.

දින 17ක් පාසල් වසා දැමීමක්..හැබැයි වහන්නෙ මේ පාසල් පමණයි..එම පාසල් මෙන්න..

දින 17ක් පාසල් වසා දැමීමක්..හැබැයි වහන්නෙ මේ පාසල් පමණයි..එම පාසල් මෙන්න..


එක්සත් ජාතික පක්ෂයේ ගාලු දිස්ත්‍රික් සම්මේලනය අමතමින් එජාප නියෝජ්‍ය නායකවරයා මේ බව කියා සිටියා.

එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සංවිධාන කළ මෙම සම්මේලන රැළිය ගාල්ල උළුවිටිකේදී පැවැත්විණ.