දිය රකුසාට බිලි වූ කුඩා දරුවා...
By Parami Dissanayake
බටපොල, මහගංගොඩ, අළුත්වල ප්රදේශයේ වයස අවුරුදු 05 ක් වන දරුවෙක් දියේ ගිලී මියගොස් ඇත.
මෙලෙස මියගිය දරුවාගේ පියා වෙළෙඳසැලක් පවත්වාගෙන යන අතර මෙම දරුවාද එම වෙළෙඳසැලේ සිට තනිව නිවසට ගොස් ඇති අතර දරුවා නැවත නොපැමිණීම නිසා පියා විසින් සිදුකළ සොයා බැලීමේ දී නිවසේ පිටුපස වගා බිමක් සඳහා සකස් කරන ලද ජලය පිරී ඇති කාණුවක දියේ ගිලී සිටියදී සොයාගෙන ඇති බවයි.
එහිදී දරුවා රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති අතර දරුවාගේ දේහය කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බටපොල පොලීසිය සිදුකරනු ලබනවා.