''හෙට බොන්න හිතාගෙන හිටිය අයට පණිවුඩයක්'' - ලෝක අමද්‍යප දිනය නිසා හෙට සියලු සුරාසැල් වැසෙයි
By Malith Madushan
ලෝක අමද්‍යප දිනය හෙට (03) යෙදී තිබීම හේතුවෙන් මෙරට සියලුම සුරාසැල් හෙට දිනයේ වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
ලෝක අමද්‍යප දිනය සෑම වසරකම ඔක්තෝබර් 03 වැනිදා සමරනු ලබන්නේ අමද්‍යප ව්‍යාපාරය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම, මධ්‍යස්ථභාවය දිරිගැන්වීම සහ මධ්‍යසාර පාන භාවිතයෙන් වැළකී සිටීමේ වැදගත්කම අවධාරණය කිරීමේ අරමුණින් බව සඳහන් වේ.
මේ අතර, ලොව පුරා පුද්ගලයින් මිලියන 03කට ආසන්න සංඛ්‍යාවක් මධ්‍යසාර භාවිතය හේතුවෙන් මියයන බවට තොරතුරු වාර්තා වන බවද සඳහන් වේ.