දෙහිවලට ගිය කලක් - දෙහි බෑයක මිල මෙන්න

Report

දිවයිනේ බොහෝ ප්‍රදේශවල දෙහි කිලෝවක සිල්ලර මිල රුපියල් 3,000 ක් දක්වා ඉහළ යාම හේතුවෙන් ඇතැම් වෙළෙඳසල්වල දෙහි බෑයක් රුපියල් 50 ක් වැනි මිලකට අලෙවි කරන බව වෙළෙඳපොළ තොරතුරු අනාවරණය කරයි.

ඒ අනුව දඹුල්ල, කැප්පෙටිපොළ ආදී ආර්ථික මධ්‍යස්ථානවල මේ දිනවල දෙහි කිලෝවක තොග මිල රුපියල් 1,900 ත් 2,000 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

එසේම මෙසේ මේ දිනවල දෙහි මිල ගණන් ඉහළ ගොස් ඇත්තේ දෙහි හිඟයක් පැවැතීම නිසා බව වෙළෙඳපොළ තොරතුරු තවදුරටත් පවසයි.

දෙහි ගෙඩියක් රු. 50 - 60ට

දෙහි ගෙඩියක් රු. 50 - 60ට

එමෙන්ම ඇතැම් ආරංචි මාර්ග සඳහන් කරන්නේ දෙහි තොග මිල ගණන් ඉහළ යාම හේතුවෙන් බොහෝ දෙනකු පැඟිරි රහිත දෙහි ගැට පවා කඩා තොග වශයෙන් අලෙවි කරන බවයි.

කෙසේ වෙතත් මෙසේ වෙළෙඳපොළට ලැබෙන දෙහි ප්‍රමාණය සීමිත වීමත්, මිල අධික වීමත් නිසා දෙහි ගෙඩිය දෙකට කපා බෑය අලෙවි කරන බව ද පවසයි.

සෝලා විදුලි ඒකකයකට නව ගාස්තුවක් මෙන්න

සෝලා විදුලි ඒකකයකට නව ගාස්තුවක් මෙන්න

උප්පැන්න සහතික පිටපත් සහ මෙම ලියවිලි රජයෙන් ලබා ගන්න එන අයට විශේෂ නිවේදනයක්

උප්පැන්න සහතික පිටපත් සහ මෙම ලියවිලි රජයෙන් ලබා ගන්න එන අයට විශේෂ නිවේදනයක්