"දෙපැත්තටම වාසි නම් ණය ප්‍රතිව්‍යුහගත කරන්න කැමතියි" (PHOTO)

Report

අද (19) දින විදේශ කටයුතු අමාත්‍යංශයේදී ශ්‍රී ලංකාවේ වෙසෙන ප්‍රංශ තානාපති රෙමි ලැම්බර්ට් මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා.

ආයෙ වාහන වෙන්දේසි තියන්න දෙන්න එපා...අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

ආයෙ වාහන වෙන්දේසි තියන්න දෙන්න එපා...අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

එහි දී තානාපතිවරයා ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කරගෙන යන දුරදර්ශී ආර්ථික ක්‍රියාදාමය අගය කළ බව සඳහන්.

එසේම ඔහු විසින් ප්‍රංශ රජය ජාත්‍යන්තර කටයුතුවල දී ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් වැඩකිරීමට ඉතා කැමැත්තෙන් සිටින බවද දන්වා ඇත.

එම අවස්ථාවේ දී අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ප්‍රංශ තානාපතිවරයා හමුවේ දෙරට අතර ඇති ද්විපාර්ශ්වික ණය ගිවිසුම ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්ය ඉක්මනින් අවසන් කිරීමට අවශ්‍ය බව ප්‍රකාශ කර සිටියා.

O/L සමත්, අසමත් කාටත් ඉහළටම යන්න මගක් - අදම අයදුම් කරන්න..

O/L සමත්, අසමත් කාටත් ඉහළටම යන්න මගක් - අදම අයදුම් කරන්න..

ඊට පිළිතුරු වශයෙන් ප්‍රංශ තානාපතිවරයා අමාත්‍යවරයා හමුවේ පවසා සිටියේ දෙපාර්ශ්වයටම වාසිදායක වන අයුරින් මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ප්‍රංශ රජය කැමැත්තෙන් සිටින බවයි. 

"දෙපැත්තටම වාසි නම් ණය ප්‍රතිව්‍යුහගත කරන්න කැමතියි" (PHOTO) | Like Restructure The Debt It Benefits Both Sides