ශ්‍රී ලංකා මහ බැංකු දූත පිරිස IMF–ලෝක බැංකු රැස්වීම් අතර ආයෝජකයන් සමඟ සාකච්ඡා

By Shani Apr 23, 2026 06:38 AM GMT
Report

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා දූත පිරිස, ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩී.සී. හි පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  සහ ලෝක බැංකු 2026 වසන්ත රැස්වීම් සමගාමීව ජාත්‍යන්තර ආයෝජක ප්‍රජාව සමඟ පුළුල් සම්බන්ධතා පැවැත්වී ඇත.

මෙම සංචාරය සඳහා එක්සත් ජනපදයට ගොස් සිටින ශ්‍රී ලංකා දූත පිරිස, විවිධ ආයෝජක හමුවීම් සහ සම්මන්ත්‍රණ රැසකට සහභාගී වී ඇති අතර, ජේ.පී. මෝගන් විසින් සංවිධානය කළ ආයෝජක සමුළුව, ජෙෆ්රීස් නැගී එන වෙළඳපොළ කණ්ඩායම සහ HSBC මඟින් පවත්වන ලද ආයෝජක සාකච්ඡාද ඒ අතර වේ.

බොර තෙල් මිල ඉහළට

බොර තෙල් මිල ඉහළට

එමෙන්ම, එක්සත් ජනපද වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද, එක්සත් ජනපද රජයේ සහ පෞද්ගලික අංශ නියෝජිතයින් සහභාගී වූ විශේෂ හමුවකටද දූත පිරිස එක්වී ඇත.

මෙම අවස්ථාවලදී ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික තත්ත්වයන්හි මෑත කාලීන ප්‍රගතිය පිළිබඳ යාවත්කාලීන තොරතුරු ඉදිරිපත් කරමින් සහභාගිවන්නන්ගේ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දී තිබේ.

මේ අතර, දෙරට අතර වාණිජ සබඳතා ශක්තිමත් කිරීම සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් එක්සත් ජනපද–ශ්‍රී ලංකා වාණිජ ක්‍රියාකාරී කණ්ඩායම, එක්සත් ජනපද වාණිජ මණ්ඩලයේදී නිල නොවන ලෙස ආරම්භ කර ඇති බවද මහ බැංකුව සඳහන් කරයි. 

නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුව කල් යයි

නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුව කල් යයි