නීතිඥ සංගමෙන් ජනපතිට ලිපියක්

Anura Kumara Dissanayaka Bar Association of Sri Lanka Sinhala news SriLanka News - Gagana
By Hashini Jun 11, 2025 02:00 PM GMT
Hashini

Hashini

Report

ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කරමින් අනුරාධපුර බන්ධනාගාරයෙන් සිරකරුවෙකුට නිදහස ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවට දන්වමින් එම ලිපිය යොමු කර තිබෙනවා.

ඒ අනුව, ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනපති වෙත ඉල්ලීම් දෙකක් ඉදිරිපත් කර ඇත.

සුපිරි TikTok තරුවකට කරදරයක්

සුපිරි TikTok තරුවකට කරදරයක්

එහි සඳහන්වන පරිදි,

1. සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් මෙහෙයවීම, වගකිව යුතු සියලු පාර්ශවයන් හඳුනාගැනීම සහ අපරාධකරුවන්ට එරෙහිව අවශ්‍ය විනය හෝ නීතිමය පියවර ගැනීම.

2. ආයතනික ප්‍රතිසංස්කරණ කෙරෙහි අවධානය යොමු කරමින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මෙහෙයුම්වල විනිවිදභාවය සහ වගවීම ශක්තිමත් කිරීම.

එම ලිපියෙන් දැනුම් දී ඇත්තේ නීතිමය කටයුතු ඉදිරියට ගෙන යාමේදී ජනාධිපතිවරයාට, අධිකරණ අමාත්‍යාංශයට සහ අනෙකුත් අදාළ බලධාරීන්ට පූර්ණ සහයෝගය ලබා දීමට නීතිඥ සංගමය සූදානමින් සිටින බවත් නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමට සහ යුක්තිය පසිඳලීමේ පද්ධතිය අඛණ්ඩතාවයෙන් හා සාධාරණත්වයෙන් ජනතාවට සේවය කරන බව සහතික කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය කැපවී සිටින බවත්ය.

රජයෙන් එක් අයෙකුට රුපියල් 10,000ක් - අමාත්‍ය ලාල්කාන්ත

රජයෙන් එක් අයෙකුට රුපියල් 10,000ක් - අමාත්‍ය ලාල්කාන්ත

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්, 

නීතිඥ සංගමෙන් ජනපතිට ලිපියක් | Letter From The Bar Association To The President

නීතිඥ සංගමෙන් ජනපතිට ලිපියක් | Letter From The Bar Association To The President

ReeCha