"..අන්තර්වාර ආණ්ඩු හෝ විශ්වාසභංග කිසිවකට අත්සන් කරන්නේ නෑ.." ප්‍රභල මන්ත්‍රීවරයෙකුගෙන් කථානායකට ලිපියක්..!

Report

සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම අද කතානායකවරයා වෙත ලිපියක් භාර දී තිබෙනවා. එමගින් ඔහු දක්වා ඇත්තේ, විශ්වාසභංග හෝ අන්තර්වාර ආණ්ඩු පිළිබඳ ගෙනෙන යෝජනා කිසිවකට තමන් අත්සන් නොකරන බවයි.

ඒ කිසිවකට පක්ෂව හෝ විපක්ෂව තමා ඡන්දය භාවිත නො කරන බව ද ඔහු සිය ලිපියේ දක්වා තිබෙනවා. එමගින් ඔහු වැඩිදුරටත් දක්වා ඇත්තේ, වත්මන් ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා ලෙස කටයුතු කරන අවසන් තත්පරය දක්වා රජයේ කිසිදු කටයුත්තකට සහය නොදක්වන බවයි.

එසේම, අර්බුදයෙන් රට සහ ජනතාව බේරා ගැනීම සඳහා පාර්ලිමේන්තුව ගත යුතු ක්‍රියාමාර්ග 7ක් ද පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම කතානායකවරයාට භාර දුන් ලිපියේ දක්වා තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now