ගැටුම් නිසා ලෙබනනයේ සහ ඉරානයේ මියගිය ගණන 3,100 ඉක්මවයි

Report

කලාපීය ගැටුම් තත්ත්වය තවදුරටත් උත්සන්න වෙමින් පවතින අතර, ලෙබනනයේ සහ ඉරානයේ තුළ මරණ සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යමින් පවතින බව වාර්තා වේ.

බලධාරීන් අනාවරණය කරන්නේ, රටවල් දෙක එකතුවෙන් මේ වන විට මරණ සංඛ්‍යාව 3,100 ඉක්මවා ඇති බවයි. ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ මාර්තු 2 සිට ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 1,238 දෙනෙකු මියගොස් ඇති අතර, එම මරණ අතර ළමුන් 124 දෙනෙකු ද ඇතුළත් බවයි.

අනිද්දා වෙන්න යන දෙයින් මේ අය කනස්සල්ලෙන් - නව VAT සශෝධනයත් සමඟ අනතුරු ඇඟවීමක්

අනිද්දා වෙන්න යන දෙයින් මේ අය කනස්සල්ලෙන් - නව VAT සශෝධනයත් සමඟ අනතුරු ඇඟවීමක්

දකුණු ලෙබනනය ඇතුළු ප්‍රදේශ රැසක බෝම්බ ප්‍රහාර අඛණ්ඩව සිදුවෙමින් පවතින අතර, නවතම සංඛ්‍යාලේඛන අනුව මරණ සංඛ්‍යාව දිනකට පෙර වාර්තා වූ 1,189ට වඩා වැඩිවීමක් දැක්වේ.

මේ අතර, Iranian Red Crescent Society විසින් නිකුත් කළ දත්ත අනුව, පෙබරවාරි 28 සිට ඉරානය පුරා සිදුවූ ප්‍රහාර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 1,900 දෙනෙකු මියගොස් ඇති බව සඳහන් වේ. 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගනුදෙනු පිළිබඳ විගණනයට නීතිපති පාර්ශ්වයෙන් හෙළිදරව්වක්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගනුදෙනු පිළිබඳ විගණනයට නීතිපති පාර්ශ්වයෙන් හෙළිදරව්වක්