සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගනුදෙනු පිළිබඳ විගණනයට නීතිපති පාර්ශ්වයෙන් හෙළිදරව්වක්
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලසීමාව තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කළ ඖෂධ සහ වෛද්‍ය සැපයුම් මිලදී ගැනීමේ ප්‍රසම්පාදන කටයුතු පිළිබඳව රජයේ විගණකාධිපතිවරයා විසින් වෝහාරික විගණනයක් සිදු කරන බව නීතිපතිවරයා අද (30) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය විසින් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙම වැදගත් දැනුම්දීම සිදු කළේය.
මෙම විගණනය හිටපු අමාත්‍යවරයාගේ කාලයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ හා වෛද්‍ය උපකරණ මිලදී ගැනීම් සම්බන්ධ සියලුම ප්‍රසම්පාදන කටයුතු ආවරණය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.