මැයි රැළියේදී නඩු තීන්දු ගැන ජනපති කළ ප්‍රකාශයට විමර්ශනයක් අවශ්‍යයි - ෆ්‍රී ලෝයර්ස් සංවිධානය
මැයි දින රැලියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අධිකරණ තීන්දුවක් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය අධිකරණයේ ස්වාධීනත්වයට සහ දැනට විභාග වෙමින් පවතින නඩු කටයුත්තකට අගතිගාමී ලෙස බලපාන බව පවසමින් 'ෆ්‍රී ලෝයර්ස්' (Free Lawyers) සංවිධානය සිය දැඩි විරෝධය පළ කර තිබේ.
අධිකරණය හමුවේ පවතින නඩුවක තීන්දුව ලබාදෙන දින වකවානු පවා සඳහන් කරමින් ජනාධිපතිවරයා සිදු කළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන ලෙස එම සංවිධානය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.
මෙම ප්‍රකාශය හරහා අධිකරණ ක්‍රියාවලිය පිළිබඳ මහජන විශ්වාසය පළුදු වීමේ අවදානමක් පවතින බවත්, විධායකයේ ප්‍රධානියා ලෙස මෙවැනි සංවේදී අධිකරණ කරුණු සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අනාවැකි පළ කිරීම බරපතළ තත්ත්වයක් බවත් එම නීතිඥ සංවිධානය අවධාරණය කරයි.
සාමාන්‍ය විවේචනයකට එහා ගිය, දත්ත සහ දින වකවානු සහිතව ඉදිරිපත් කළ මෙම කරුණු හේතුවෙන් මේ වන විට රට තුළ දැඩි දේශපාලනික සහ නීතිමය ආන්දෝලනයක් නිර්මාණය වී ඇත.