මෙන්න මේ ප්‍රදේශ වලට ප්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
ප්‍රදේශ කිහිපයකට ප්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කර ඇත .
මධ්‍යම, සබරගමුව, නැගෙනහිර, ඌව පළාත්වල සහ කළුතර, පොළොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල පස්වරු 1.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව නිවේදනයේ සදහන් වේ.
ගිගුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලබයි .