අලුත්ම නීතියක් - මේ මාසේ ඉදන් ආයේ බස් එකේ යනකොට කාඩ් එකෙන් ගෙවන්නලු

Report

අද (11)දින පාර්ලිමේන්තුවේදී ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසා සිටියේ මේ මාසය අවසන් වීමට පෙර ලංගම බස්රථ ප්‍රවේශපත්‍ර සඳහා කාඩ්වලින් ගෙවීමේ ක්‍රමවේදය හදුන්වාදීමට කටයුතු කරන බවයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ තිළිණ සමරකෝන් මන්ත්‍රිවරයා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථ සම්බන්ධයෙන් කරන ලද විමසීමකට පිළිතුරු ලබාදෙමින්. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බිමල් රත්නායක අමාත්‍යවරයා මෙසේද පැවසුවා.

රටටම සුභ පණිවිඩයක් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහළට

රටටම සුභ පණිවිඩයක් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහළට

"බස් ඩිපෝ 107 න් සැලකියයුතු ප්‍රමාණයක බස්රථ අලුත්වැඩියා කිරීමේ කටයුතු සිදුවෙනවා. මැත කාලයේදී බස්රථ 173 ක් හදලා සේවයට යොදවලා තියෙනවා. අලුත්වැඩියා කිරීමේ කටයුතු 2026 මැයි මාසේට කලින් අවසන් කරන්න බලනවා. ජුනි මාසයේදී මෙරටට මෙට්රෝ බස් සේවය ගෙන එනවා. ඊට කලින් මෙට්‍රෝ බස් සේවයට සේවකයින් බඳවාගන්නවා. ලංගම බස් ටිකට් එකට බැංකු කාඩ් මගින් ගෙවීමේ ක්‍රමය මේ මාසය ඇතුළත සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා."ලෙසයි.  

මට වැඳලා ඉස්කෝලේ ගිය මගේ කොල්ලා තාම ආවේ නෑ දෙයියනේ උදෙන්ම කුස්සියට එන දරුවා තාම ආවේ නෑ

මට වැඳලා ඉස්කෝලේ ගිය මගේ කොල්ලා තාම ආවේ නෑ දෙයියනේ උදෙන්ම කුස්සියට එන දරුවා තාම ආවේ නෑ

මීට අමතරව බස්රථ අලුත්වැඩියා කිරීමේ ගැටලු පිළිබඳවද අමාත්‍යවරයා සඳහන් කළා. "අමතර කොටස් මිලදී ගැනීමට ඩිපෝවලට හැකියාවක් නැහැ. අමතර කොටස් වෙළඳසැල්වලට සමහර ඩිපෝ ණය වෙලා. පසුගිය කාලයේ අමතර කොටස් සැපයුම් කරුවන් බොහෝවිට ලබාදීලා තියෙන්නේ ඉතා බාල වර්ගයේ අමතර කොටස්. අවංකව අමතර කොටස් නිවැරදි ආකාරයෙන් සපයන අය ඉන්නේ එක්කෙනයි දෙන්නයි. ඒක නිසා මේ වංචා දූෂණ නැති කරමින් ලංගම ගොඩගැනීම සදහා කටයුතු කරමින් ඉන්නේ" යනුවෙන්ද බිමල් රත්නායක අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.