වේගපන්දු උපදේශකයෙකු ලෙස කටයුතු කළ ලසිත් මාලිංග සේවයෙන් ඉවත් වෙයි - හේතුව මෙන්න
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු උපදේශකයෙකු ලෙස කටයුතු කළ ලසිත් මාලිංගගේ සේවා කොන්ත්‍රාතුව ඊයේ (24) දිනයෙන් අවසන් කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන පරිදි කෙසේ වෙතත්, ඔහු ලබන අඟහරුවාදා පැවැත්වෙන අවසන් එක්දින තරග තෙක් ශ්‍රී ලංකා කණ්ඩායම සමග රැඳී සිටීමට නියමිත බව සඳහන් කරයි.
ලෝක කුසලාන තරගාවලිය අවසන් වන තෙක් මාලිංගගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අදහස් කළද, තුන්වන එක්දින තරගයෙන් පසු ඔහු ඕස්ට්‍රේලියාවට යාමට සැලසුම් කොට ඇති බව වාර්තා වේ.