ඉන්දියාවට යන අලුත්ම ක්‍රමය..රුපියල් 16,000 ක් අතේ තියෙනව නම් ඔයාටත් ඉන්දියාවට යන්න පුළුවන් ..

By Piyumika Aug 12, 2024 01:26 AM GMT
Report

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර “ශිවගංගී” මගී නැව් සේවාව ලබන 15 වැනිදා සිට ක්‍රියාත්මක කෙරෙන බව ඊයේ (11) නිවේදනය කොට තිබුණි .

ඒ අනූව ඉන්දියාවේ නාගපට්ටන වරායේ සිට කන්කසන්තුරේ දක්වා මගී නැව් සේවාව ක්‍රියාත්මක වේ.

කාලගුණයේ ප්‍රබල වෙනසක්..සුළං තත්ත්වය ඉහළ යයි..අවධානයෙන් ඉන්න.

කාලගුණයේ ප්‍රබල වෙනසක්..සුළං තත්ත්වය ඉහළ යයි..අවධානයෙන් ඉන්න.

එම නැව් සේවාවට අයත් පර්යේෂණ යාත්‍රාවක් පෙර දිනයේදී කන්කසන්තුරය වරාය නිරීක්ෂණයක් සඳහා පැමිණ තිබුණි . මීට පෙර ඉන්දියාවේ නාගපට්ටන වරායේ සිට කන්කසන්තුරේ දක්වා මගී නැව් සේවාව “චෙරියපානී” නැමති නැව් සමාගම විසින් සිදුකෙරුණි .

“ශිවගංගී” නැව් සමාගම විසින් මෙම සේවාව පවත්වා ගෙන යනු ලබන්නේ පළමු වතාවටය.

ඉන්දියාව හා කන්කසන්තුරේ අතර තනි ගමනකට නැව් ගාස්තුව රුපියල් 16,000ක් වන අතර එක් මගියෙකුට කිලෝ ග්‍රෑම් 60ක බරක් හා කිලෝ ග්‍රෑම් 5ක අත් බෑගයක් රැගෙන යා හැකිය.

වසර 32කට පසු ඔලිම්පික් පාපන්දු රන් පදක්කම ස්පාඤ්ඤයට..

වසර 32කට පසු ඔලිම්පික් පාපන්දු රන් පදක්කම ස්පාඤ්ඤයට..

මෙම නැව තුළ සාමාන්‍ය පන්තියේ ආසන 133ක් හා විශේෂ පන්තියේ ආසන 27ක් වෙන් කොට තිබේ .

නැව් ගමන සඳහා අවශ්‍ය ප්‍රවේශ පත්‍ර යාපනයේ විවෘත කොට ඇති කාර්යාලවලින් මෙන්ම අන්තර් ජාලය ඔස්සේද මිල දී ගත හැකිය.