නුගේගොඩ අලෙවිසැල වසා දැම්මද? කටකතාවලට ලංකා සීනි සමාගම උත්තර දෙයි
නුගේගොඩ පිහිටි තම සිල්ලර අලෙවිසැල වසා දමා ඇති බවට සමාජ මාධ්‍යවල මෑතකදී පැතිර ගිය කටකතා හා ප්‍රකාශ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමින් ලංකා සීනි සමාගම (පුද්ගලික) විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
සමාගම විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ:
ජනවාරි 31 වැනි සෙනසුරාදා අලෙවිසැල තාවකාලිකව වසා දැමීම සිදු වූයේ අලෙවි කාර්ය මණ්ඩල සාමාජිකයෙකුගේ හදිසි අසනීපයක් හේතුවෙන් පමණි.
පෙබරවාරි 01 වැනිදා පෝය නිවාඩු දිනයක් බැවින් අලෙවිසැල වසා තිබුණු බවයි.
මේ හේතුවෙන් ඇති වූ වසා දැමීම සම්බන්ධයෙන් මතු වූ අනෙකුත් සියලුම අර්ථකථන, වාර්තා හා චෝදනා අසත්‍ය, පදනම් විරහිත හා මහජනතාව නොමඟ යවන සුළු බව සමාගම දැඩි ලෙස අවධාරණය කර තිබෙනවා.
දැනට නුගේගොඩ සිල්ලර අලෙවිසැල සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන අතර, සුපුරුදු පරිදි පාරිභෝගිකයින්ට අලෙවිසැල ක්‍රියාත්මක වන වේලාවන්:
සේවය සපයමින් පවතින බවත් නිවේදනයේ සඳහන්.
සඳුදා සිට සෙනසුරාදා දක්වා: පෙ.ව. 9.00 සිට ප.ව. 7.00 දක්වා ඉරිදා දිනවල: පෙ.ව. 9.00 සිට ප.ව. 2.00 දක්වා
ලංකා සීනි සමාගම මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, සමාගමේ නිල නිවේදන හා ප්‍රකාශ මත පමණක් විශ්වාසය තබන ලෙසත්, සමාජ මාධ්‍ය හරහා පැතිරෙන අසත්‍ය හා නොමඟ යවන තොරතුරුවලට රැවටෙන්නේ නැති ලෙසත්ය.