අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල අඩු කරයි - නව මිල මෙන්න
රටේ පාරිභෝගික ජනතාවට ඉහළම මූල්‍ය සහනයක් සැලසීම වෙනුවෙන් ලංකා සතොස ආයතනය විසින් දෛනිකව බහුලවම භාවිත කරනු ලබන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18 ක මිල ගණන් සැලකිය යුතු මට්ටමකින් වහාම අඩු කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව හෙට 10 වැනිදා දින සිටම ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා පිහිටි සියලුම සතොස අලෙවිසැල් හරහා මෙම නව සහන මිල ගණන් යටතේ ජනතාවට භාණ්ඩ මිලදී ගත හැකි බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය නිල වශයෙන් සඳහන් කළේය.
අපි මේ රටේ රණවිරුවෝ වෙනුවෙන් පෙනී සිටිනවා - සලේ වෙනුවෙන් විමල්,ගම්මන්පිලගේ හයියට නාමලුත් සත්‍යග්‍රහයට එක්වෙයි
ලංකා සතොස ආයතනය මඟින් මෙලෙස මිල අඩු කරනු ලබන ප්‍රධාන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අතරට ලොකු ලූනු, සුදු සීනි, පරිප්පු, කවුපි, කඩල, මුං ඇට, රට කජු, තිරිඟු පිටි, රතු කැකුළු සහල්, රතු නාඩු සහල්, සම්බා සහල්, සුදු නාඩු සහල් සහ පොන්නි සම්බා සහල් ඇතුළු සමස්ත පාරිභෝගික භාණ්ඩ වර්ග 18 ක් පවතින බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.
මේ දිනවල පවතින දරුණු මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් සමස්ත ලෝකය පුරාම උද්ගතව තිබෙන ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ මෙරට සාමාන්‍ය ජනතාව මුහුණ දෙන ජීවන වියදම් පීඩනය අවම කර සහන සැලසීම ප්‍රධානතම අරමුණ කරගනිමින් වත්මන් රජයේ සෘජු මැදිහත්වීම සහ මඟපෙන්වීම මත මෙම භාණ්ඩවල මිල ගණන් මෙලෙස විශාල වශයෙන් අඩු කිරීමට තීරණය කළ බව ද වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය අවධාරණය කළේය.
0082 ලංකා සතොස අත්_යවශ්_ය ආහාර ද්_රව්_ය 18ක මිල අඩුකරයි by madhushani