ලංකාවේ නම්බුව ශෙහාන් ගඳ ගස්සයි,යට ඇඳුමේ හංගාගෙන පිඹුරෝ ගේන්න හදලා [PHOTOS]

Report

තායිලන්තයේ බැංකොක් නුවර පිහිටි සුවර්ණ භූමි නම් ගුවන් තොටුපළේ දී පිඹුරන් තිදෙනෙකු යට ඇඳුම් තුළ සඟවා ගෙන රටින් පිටතට ගෙන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

බැංකොක් හි වනජීවී අපරාධ බුද්ධි මධ්‍යස්ථානයට ලද බුද්ධි තොරතුරක් අනුව මෙම ගුවන් මගියාව අත්අඩංගුවට ගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වැලිගම මාලිමාවේ ඩ්‍රාමා එක එළිවෙයි පැහැර ගත්තෙ නෑ කැමැත්තෙන් නැග්ගේ සාක්ෂිකාරියක් කට අරී

වැලිගම මාලිමාවේ ඩ්‍රාමා එක එළිවෙයි පැහැර ගත්තෙ නෑ කැමැත්තෙන් නැග්ගේ සාක්ෂිකාරියක් කට අරී

අඳාළ සැකකරු ශෙහාත් නම් අයෙක් වන අතර ඔහු තායි එයාර්වේස් ගුවන් සේවට අයත් TG 308 දරන ගුවන් යානයෙන් බැංකොක් වෙත පැමින ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මෙම සැකකරුගේ පසුබිම් වාර්තාවලින් හෙළි වී ඇති ආකාරයට ඔහුට විරුද්ධව මින් පෙරද වෘකයන්, මීර්කට්, කළු කොකො ටු, සීනි ග්ලයිඩර්, පෝර්කපයින්, බෝල පිඹුරන්, ඉගුවානා, ගෙම්බන්, සැලමැන්ඩර් සහ කැස්බෑවන් ඇතුළු විවිධ වනජීවී විශේෂ ප්‍රවාහනය කිරීමේ පෙර සිදුවීමි වාර්තා වී ඇති බව පවසයි. අඳාළ සැකකරු පෙරේදා දින තම නවාතැනෙන් කුලී රථයකින් පිටත් වී පස්වරු 7.00 ට පමණ සුවර්ණ භූමි ගුවන්තොටුපළට පැමිණ තිබෙනවා.

තරහ වෙන්න එපා සම්මාන නම් එපා, අනුයි කනුයි එක්ක මුතුගලයි ඔෂානුයි කියන හේතුව

තරහ වෙන්න එපා සම්මාන නම් එපා, අනුයි කනුයි එක්ක මුතුගලයි ඔෂානුයි කියන හේතුව

මෙහිදී ඔහු ගුවන් තොටුපළට ඇතුළු වූ පසු ඔහුගේ ගමන් මළු පරීක්ෂා කළත් එහිදී කිසිවක් හමු වී නැත. ඉන්පසු නිලධාරීන් පිරිසක් ඔහුගේ ශරීරයද පරීක්ෂාකර තිබෙනවා. එම අවස්ථාවේදී ඔහුගේ යට ඇඳුම්වල සඟවා තිබූ බෝල පිඹුරන් තුනක් සොයා ගෙන ඇති බව වාර්තා වේ.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ විධිමත් අත්අඩංගුවට ගැනීමේ ක්‍රියා පටිපාටි සහ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලට සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ආයේ ali express එකෙන් ලංකාවට බඩු දෙන්නේ නෑ

ආයේ ali express එකෙන් ලංකාවට බඩු දෙන්නේ නෑ

GalleryGallery