නායයාම් හේතුවෙන් කොත්මලේ ජලාශයට වෙලා තියන දේ මෙන්න
අයහපත් කාලගුණය හේතුවෙන් කොත්මලේ ප්‍රදේශයේ සිදුවූ නායයාම් නිසා කොත්මලේ ජලාශයේ විශාල ලෙස වැලි සහ මඩ තැන්පත් ව ඇත.
මෙලෙස අනපේක්ෂිත නායයෑම් සිදුවීම නිසා කොත්මලේ ජලාශයට විශාල වශයෙන් රොන් මඩ සහ වැලි ගලා ගෙන විත් තිබේ.
තවද කොත්මලේ ප්‍රදේශවාසීන් සදහන් කරන්නේ එසේ තැන්පත් වී ඇති වැලි ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා භාවිත කළ හැකි බවයි.
තවද නායයාමෙන් රම්බොඩගම ප්‍රදේශයේ ගාල්කර තිබූ බැකෝ යන්ත්‍රයක් , ලොරි රථ දෙකක් , වෑන් රථයක් , මෝටර් රථයක් හා යතුරු පැදියක් අතුරුදන් ව ඇති බවද වාර්තා වේ.
ඒ වගේම කොත්මලේ පොලිසිය සදහන් කරන්නේ එම වාහන ජලාශයට ගසා ගෙන ගොස් පතුලේ තැන්පත් වී ඇති බව සැක කරන බවයි.