ඇමති නලින්දගෙන් ලොකු තෑග්ගක්

Report

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාපිත A ශ්‍රේණියේ එකම මූලික රෝහල වන තඹුත්තේගම මූලික රෝහල සඳහා තට්ටු හයකින් සමන්විත හදිසි අනතුරු සහ ප්‍රතිකාර ඒකකයක් කඩිනමින් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අදියර දෙකකින් ඉදිකිරීමට යෝජිත මෙම ඒකකයේ පළමු අදියර සදහා මුදල් ප්‍රතිපාදන ප්‍රතිපාදන එළැඹෙන අයවැයෙන් වෙන් කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා කීය. අමාත්‍යවරයා මේ බව කීවේ තඹුත්තේගම මුලික රෝහලේ විශේෂ නිරීක්ෂණයක නිරත වීමෙන් අනතුරුව පැවති සාකච්ඡාවේ දී අදහස් දක්වමිනි.

උණුසුම යන්නත් කලින් ඉන්දියාවෙ තවත් ගුවන් අනතුරක් සියල්ල මරුට

උණුසුම යන්නත් කලින් ඉන්දියාවෙ තවත් ගුවන් අනතුරක් සියල්ල මරුට

තඹුත්තේගම මුලික රෝහල යම් නිශ්චිත සංවර්ධන සැලැස්මක් යටතේ සංවර්ධනය කර ප්‍රදේශයේ ජීවත්වන ජනතාවට ගුණාත්මක, ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබා දීමට අදහස් කරන බව අමාත්‍යවරයා කීය. රෝහලේ භෞතික සම්පත් සංවර්ධන කටයුතු සිදුකිරීම සදහා මධ්‍යම රජයෙන් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කර සිටියේ ය.

නැවතත් රතු නිවේදනයක්, අවදානම ඉහළට

නැවතත් රතු නිවේදනයක්, අවදානම ඉහළට