ප්රතිකාර එපා කියූ කස්සප හිමි යළි සත්යග්රහයට
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ විහාරමහාදේවී උද්යානයේදී ඇරඹි සත්යග්රහයේ නිරතව සිටියදී රෝහල්ගත කෙරුණු පූජ්ය බලංගොඩ කස්සප හිමියන් නැවතත් එම සත්යග්රහ භූමිය වෙත පැමිණ ඊට එක්ව තිබේ.
සත්යග්රහයේ නිරතව සිටියදී ඇතිවූ නොසන්සුන් තත්ත්වයක් හේතුවෙන් උන්වහන්සේ ඊයේ (17) දිනයේදී මෙලෙස හදිසියේ රෝහල්ගත කර තිබුණි.
ප්රතිකාර ලැබීමෙන් අනතුරුව නැවතත් විහාරමහාදේවී උද්යානය වෙත පැමිණි උන්වහන්සේ, ඥානසාර හිමියන් නිදහස් කරන තෙක් සිය සත්යග්රහ ක්රියාමාර්ගය තවදුරටත් ඉදිරියට ගෙන යන බව සඳහන් කරති.