දිස්ත්‍රික්ක කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීම

By Shehan Oct 04, 2025 03:00 PM GMT
Report

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් බදුල්ල, කුරුණෑගල, මාතලේ, මොනරාගල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් නිකුත් කර ඇත.

මෙම නිවේදනය අද (04) වැනිදා පස්වරු 6:00 සිට ඔක්තෝබර් 05 වැනිදා පස්වරු 6:00 දක්වා බලපැවැත්වෙන බව  ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

තජුඩීන් ඝාතනයට පෙර ඔහුගේ රථය පසුපස ගිය රථයේ 'කජ්ජා' සිටි බව තහවුරුයි - CID

තජුඩීන් ඝාතනයට පෙර ඔහුගේ රථය පසුපස ගිය රථයේ 'කජ්ජා' සිටි බව තහවුරුයි - CID

අනතුරු ඇඟවීම එල්ල වූ ප්‍රදේශ

අනතුරු ඇඟවීම නිකුත් කර ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහත පරිදි වේ:

  • බදුල්ල දිස්ත්‍රික්කය: හාලිඇල, ඇල්ල, බදුල්ල, පස්සර
  • කුරුණෑගල දිස්ත්‍රික්කය: නාරම්මල
  • මාතලේ දිස්ත්‍රික්කය: උකුවෙල, රත්තොට
  • මොනරාගල දිස්ත්‍රික්කය: බඩල්කුඹුර, බිබිල
  • නුවරඑළිය දිස්ත්‍රික්කය: කොත්මලේ

විමල් වීරවංශ අත්අඩංගුවට? - රාජපක්ෂ පවුල බේරගන්න උත්සහයක

විමල් වීරවංශ අත්අඩංගුවට? - රාජපක්ෂ පවුල බේරගන්න උත්සහයක

ජාතික ගොඩනැගිලි පර්යේෂණ විසින් ඉහත ප්‍රදේශවල ජනතාවට විමසිලිමත්ව සිටින ලෙසත්, නායයාම්, ගල් පෙරළීම්, භූමිකම්පන හෝ ගංවතුර ආශ්‍රිත අනතුරු ගැන සැලකිලිමත් වන ලෙසත් ඉල්ලා ඇත. එසේම, අවදානම් තත්ත්වයකදී ආසන්නම ආපදා කළමනාකරණ ඒකකය හෝ පොලිස් ස්ථානය සමඟ සම්බන්ධ වී ආරක්ෂිත ස්ථානවලට යොමු වන ලෙසද දැනුම් දී ඇත.

විමල් වීරවංශ අත්අඩංගුවට? - රාජපක්ෂ පවුල බේරගන්න උත්සහයක

විමල් වීරවංශ අත්අඩංගුවට? - රාජපක්ෂ පවුල බේරගන්න උත්සහයක