මනුෂ නානායක්කාර වෙනුවට ලාල් බණ්ඩාරිගොඩ මැතිවරණ කොමිසමට...

Report

සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරූ මනූෂ නානායක්කාර ඉවත් කිරීමෙන් පසු එම පුරප්පාඩුව සඳහා බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් කර ඇත.

තායිලන්ත අගමැති ධූරයෙන් නෙරපයි...

තායිලන්ත අගමැති ධූරයෙන් නෙරපයි...

ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් 09 වනදා මනුෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දුගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය පක්ෂය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බවට තීන්දු කිරීමත් සමග ඔවුන්ට මෙලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වුණි.

ජනපති රනිල්ගේ සහයට තවත් පිරිසක්...

ජනපති රනිල්ගේ සහයට තවත් පිරිසක්...

2020 මැතිවරණයේ දී සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත් වුයේ, මනූෂ නානායක්කාර මහතා ය.

එලෙස එතුමා පාර්ලිමේන්තුවට තේරී පත් වීම හේතුවෙන් මනාප ලැයිස්තුවේ තෙවන ස්ථානයට පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව හිමි වුයේ, බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතාට ය.

අප්‍රිකාවේ හදිසි සෞඛ්‍ය තත්ත්වයක්...

අප්‍රිකාවේ හදිසි සෞඛ්‍ය තත්ත්වයක්...

කෙසේ වෙතත්, 2020 වසරේ පැවති මහ මැතිවරණයේ දී හරීන් ප්‍රනාන්දු මහතා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පත්වීම හේතුවෙන් ඔහුගේ පුරප්පාඩුව සඳහා සුදුස්සෙකු නම් කිරීම ද සමගි ජන බලවේගය පක්ෂය විසින් සිදුකළ යුතු ය.