තායිලන්ත අගමැති ධූරයෙන් නෙරපයි...
By Parami Dissanayake
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම හේතුවෙන් තායිලන්ත අග්‍රාමාත්‍ය Srettha Thavisin එරට අධිකරණය විසින් ධුරයෙන් නෙරපා හැර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත්තේ, “නොහොබිනා හැසිරීම් ප්‍රදර්ශනය කිරීම'' සහ “ආචාර ධර්ම පිළිබඳ නීති” උල්ලංඝනය කර ඇති බවටයි.
වසරකට අඩු කාලයක් බලයේ සිටි Srettha Thavisin 67 හැවිරිදි වියේ පසුවන්නෙකි.
මෙලෙස තායිලන්ත අධිකරණය විසින් බලයෙන් නෙරපා හරින ලද තුන්වන අග්‍රාමාත්‍යවරයා බව සඳහන් මොහු වාර්තා වේ.
තායිලන්තය සඳහා නව අගමැතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා එරට පාර්ලිමේන්තුව රැස් වන තෙක් ඔහු වෙනුවට අන්තර්වාර නායකයෙකු පත් කිරීමට නියමිතව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලබනවා.