රනිල්ගෙන් තැනක් නැති නිසා සජිත්ගෙන් සරණ පැතූ ලක්ෂ්මන්
By Wayomi
කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී සමගි ජන බලවේගය සමග එක්වූ බව පවසයි.
ඊයේ (12) දින එක්සත් ජාතික පක්ෂය සඳහා නව ආසන සංවිධායකවරු සහ දිස්ත්‍රික් නායකයින් පත් කිරීම සිදු කෙරුණා.
එහිදි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා කළුතර දිස්ත්‍රික් නායකත්වයට පත්කිරීම පිළිබඳ කළුතර ආසන සංවිධායක ලෙස පත් කෙරුණු ලක්ෂ්මන් විජේමාන්න මහතා සිය විරෝධය පළ කර තිබුණි.