හැංගි හැංගි සෙල්ලම් පෙන්නපු කුමන්ත්‍රණකාරිණි ය අත්අඩංගුවට....ඩුබායි ගිහින්ලු....

Police spokesman Sri Lanka Police Sri Lanka Crime Branch Criminal Investigation Department Crime
By Aruna Mar 13, 2025 03:05 PM GMT
Aruna

Aruna

Report

අපරාධ සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය කර තිබු කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී තිබෙනවා.

ඒ අනුව සීදුව, වෑත්තෑව ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක හිමිනමකගේ ගෙල සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව මෙම කාන්තාව පොලිසියට අවශ්‍යව තිබුනා.

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

එම හිමි නමගේ දේපළ ද මෙම කාන්තාව විසින් සොරකම් කර ඇති බවටයි පොලිසිය පවසන්නේ.

2022.09.14 වන දින මෙම අපරාධය සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් සීදුව පොලිස් ස්ථානය මඟින් ආරම්භ කර තිබු විමර්ශනවලට අනුව මෙම සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලීසිය බව පැවසෙනවා.

ඝාතනය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී හෙළි වී ඇත්තේ එම විහාරස්ථානයේම වැඩවාසය කළ හිමිනමක් විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි එම හිමිනම සමඟ සම්බන්ධතා පැවැත්වූ විදේශගතව සිටින කාන්තාවක් මෙම ඝාතනය සිදුකිරීම සඳහා කුමන්ත්‍රණය කර ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

සචින් එක පැත්තක... අධ්‍යක්ෂවරයා තව පැත්තක...මායාවී දුෂේනිට මොකද වුනේ ? මෙන්න සම්පුර්ණ විස්තරේ ...

සචින් එක පැත්තක... අධ්‍යක්ෂවරයා තව පැත්තක...මායාවී දුෂේනිට මොකද වුනේ ? මෙන්න සම්පුර්ණ විස්තරේ ...

අනතුරුව විමර්ශනවලින් පසු පොලීසිය විසින් මෙම සැකකාරිය සම්බන්ධයෙන් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබුනා. එහිදී සැකකාරියට එරෙහිව ගුවන් ගමන් තහනමක්ද අධිකරණය මගින් පොලිසිය ලබා ගෙන ඇති බව පැවසෙනවා.

ඒ අනුව, මෙම සැකකාරිය ඊයේ (12) අළුයම ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණීමේදී ගුවන්තොටුපොළ ආගමන විගමන නිලධාරීන් විසින් ගුවන්තොටුපොළ පොලිස් ස්ථානයට භාරදීමෙන් පසු අත්අඩංගුවට ගෙන  ඇති  බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 24 ක් වන මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක්. සීදුව පොලිස් ස්ථානය මඟින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

සැකකාරිය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව පොලිසිය තවදුරටත් පවසනවා.

ReeCha