පොලිස් වෙඩි පහරින් මියගිය ලක්ෂාන්ගේ අවසන් කටයුතු හෙට - ත්‍රිවිධ හමුදාව කැදවා ආරක්ෂාවත් තර කෙරේ..!
රඹුක්කන ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරකට ලක්ව මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු හෙට දින සිදුකිරීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
එම අවසන් කටයුතු හෙට දිනයේ දේවාලේගම පොලිස් වසමේ නාරන්බැද්ද හිරිවඩුන්නේදී සිදු කිරීමට නියමිතය. කෙසේ වෙතත් එම මරණය සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදුවන හෙට දිනයේ ප්‍රදේශයේ සාමය ආරක්ෂා කරගැනීමට ත්‍රිවිධ හමුදා සහය ලබා දෙන මෙන් පොලිස්පතිවරයා ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා ඇති බවද එම නිවේදනයේ සඳහන්ව ඇත.
ඒ අනුව මහජන ආරක්ෂක පනතේ 12 (1) වගන්තිය යටතේ ජනාධිපතිතුමාට පැවරී ඇති බලතල ප්‍රකාරව 2022.03.21 දිනැති අංක 2272/10 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රය මගින් කෑගල්ල දිස්ත්‍රික්කය ද ආවරණය වන පරිදි මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවා තිබේ.
පසුගිය 19 වනදා රඔුක්කන පොලිස් බල ප්‍රදේශයේ ජන රාශියක් විසිරුවාහැරීම සඳහා පොලීසිය බලය පාවිච්චි කිරීමේදී මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්විය.
ඒ අනුව මෙම මරණය සම්බන්ධයෙන් අපක්ෂපාති පූර්ණ විමර්ශනයක් කරන මෙන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා නියෝජ්‍ය පොලිස්පති ඩබ්. තිලකරත්න මහතාට නියම කර තිබේ. ඒ අනුව විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරාගෙන දින 03ක් ඇතුලත අතුරු වාර්තාවක් ලබා දෙන මෙන් පොලිස්පතිවරයා එහිදී වැඩිදුරටත් දැනුම්දී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |