ලෝකෙම පිස්සු වට්ටපු ලබුබු ගැන අලුත් ආරංචියක් - මේක දැක්කොත් නම් ලබුබුට ආදරේ අය සතුටට පිස්සු වැටෙයි
ලොව පුරා ඉමහත් ප්‍රසිද්ධියක් ලබා ඇති ‘ලබුබු’ (Labubu) රූප සහිතව නවතම චිත්‍රපටයක් නිර්මාණය කිරීමට සූදානම් වන බව චීනයේ පොප් මාර්ට් (Pop Mart) සමාගම සහ සෝනි පික්චර්ස් (Sony Pictures) නිවේදනය කර ඇත.
ඒ අනුව තවමත් මූලික සංවර්ධන අදියරේ පවතින මෙම චිත්‍රපටය සැබෑ රංගනයන් (Live action) සහ පරිගණක සජීවිකරණය (CGI) යන දෙකෙහිම එකතුවක් වශයෙන් නිර්මාණය වන බව සඳහන්.
එමෙන්ම පැඩින්ටන් ( Paddington) සහ වොන්කා (Wonka) වැනි සුප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂණය කළ පෝල් කින්ග් (Paul King) විසින් මෙහි අධ්‍යක්ෂණය සිදු කිරීමට නියමිතව තිබීම විශේෂත්වයක්.
කෙසේ වුවත් චිත්‍රපටය තිරගත වන නිශ්චිත දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැති බව වාර්තා වේ.