ක්‍රිකට් ලෝලී ඔබ බලා සිටිය දිනය අදයි..

Cricket Sri Lanka Sports LPL 2024
By Piyumika Jul 01, 2024 08:58 AM GMT
Piyumika

Piyumika

Report

පස්වන වරටත් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය අද (01 වැනිදා) මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර තරගාවලියේ සමාරම්භක උත්සවය අද පස්වරු 6.15ට ඇරැඹෙයි .

පහරදීමක් නිසා පුද්ගලික බස් රථ හිමියන් වර්ජනයක..

පහරදීමක් නිසා පුද්ගලික බස් රථ හිමියන් වර්ජනයක..

ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු විසින් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය මෙවර සංඛේතාත්මකව අරඹන අතර මෙම අවස්තාව සඳහා මෙවර ලංකා ප්‍රිමියර් ලීගයේ සන්නාම තානාපති වශයෙන් කටයුතු කරන හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක මයිකල් ක්ලාක්ද සහභාගී වන බව පැවසේ.

තරගාවලියේ පළමු තරගය හිටපු ශූරයින් වන මහනුවර කණ්ඩායමත්, අනුශූරයින් වන දඹුල්ල කණ්ඩායමත් අතර අද පස්වරු 7.30ට ඇරැඹෙන අතර මෙවර තරගාවලිය සඳහාත් කණ්ඩායම් 5ක් තරග වදිනු ලබයි.

දියවැලට හසුවූ 17හැවිරිදි සිසුවෙකු අතුරුදහන්..

දියවැලට හසුවූ 17හැවිරිදි සිසුවෙකු අතුරුදහන්..

මෙවර තරගාවලියේදී පළමු වරට සෑම ඉනිමකම 16 සහ 17 යන පන්දුවාර දෙක තුළදී එක්දින ජාත්‍යන්තර තරගයක දෙවන පවර්ප්ලේ අවස්ථාවේදී මෙන් පන්දු රකින්නන් සිව් දෙනෙකු පමණක් 4 සීමාව ආසන්නයේ රඳවාලීමටද නියමිතය. මෙම පන්දුවාර දෙක 'පවර් බ්ලාස්ට්' යනුවෙන් නම් කර තිබෙන අතර මෙමගින් ප්‍රේක්ෂකයන්ට ආස්වාදයක් ලබාදීම සහ කණ්ඩායම්වල උපක්‍රමශීලීත්වය වැඩි වනු ඇති බවට තරගාවලි සංවිධායක ප්‍රකාශ කොට තිබුණි.

ජුලි මස ආරම්භ වීමට පෙර රට වටෙන් මාරක රිය අනතුරු පෙලක්..

ජුලි මස ආරම්භ වීමට පෙර රට වටෙන් මාරක රිය අනතුරු පෙලක්..

අද තරගය සමගින් තවත් තරග 5ක් අනිද්දා (3 වැනිදා) දක්වා පල්ලේකැලේදී පැවැත්වෙන අතර ඉන් අනතුරුව පළමු වරට ලංකා ප්‍රිමියර් ලීගය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

ජූලි 6, 7, 9 සහ 10 යන සිව් දිනයන්හීදී දිනකට තරග 2 බැගින් දඹුල්ලේදී තරගාවලියේ තරග 8ක් පැවැත්වෙන අතර මූලික වටයේ අවසන් තරග 6 කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ජූලි 13, 14, 15 සහ 16 යන සිව් දිනයන්හීදී පැවැත්වේ. තරගාවලියේ අවසන් පූර්ව තරග ජූලි 18 සහ 20 දෙදිනත් අවසන් මහා තරගය ජූලි මස 21වන දිනත් කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ක්‍රිකට් ලෝලී ඔබ බලා සිටිය දිනය අදයි.. | L P L Starts From Today

ක්‍රිකට් ලෝලී ඔබ බලා සිටිය දිනය අදයි.. | L P L Starts From Today