දැවී යාමට කුපිත වූ කුසල් කළ හරියක්.. - ඔහු ගැන තීරණාත්මක තීරණයක්?.

Report

එස්.එස්.සී ක්‍රීඩා සමාජයේ කුසල් මෙන්ඩිස් විනය විරෝධි ලෙස හැසිරීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට ක්‍රිකට් ආයතනය සූදානම් වන බව වාර්තා වේ.

දැවී යාමට කුපිත වූ කුසල් කළ හරියක්.. - ඔහු ගැන තීරණාත්මක තීරණයක්?. | Kusal Mendis

ඒ අන්තර් සමාජ එක්දින තරගාවලියේ එස්.එස්.සී ක්‍රීඩා සමාජය සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජ අතර බ්ලූම්ෆීල්ඩ් පිටියේ ඊයේ (28) පැවති තරගය අතරවාරයේ දී ය.

එම තරගයේ දී කුසල් මෙන්ඩිස් ඔහු මුහුණ දුන් දෙවැනි පන්දුවේදීම ලකුණු නොලබා ක්‍රීඩා පිටියෙන් ඉවත් විය.

එම දැවී යාමෙන් කුපිත වූ කුසල් බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා විවේකාගාරයේ දොරකට පාදයකින් පහර දී හානිකර තිබෙනවා.

දැවී යාමට කුපිත වූ කුසල් කළ හරියක්.. - ඔහු ගැන තීරණාත්මක තීරණයක්?. | Kusal Mendis

එහිදී කුසල්ගේ මෙම විනය විරෝධි හැසිරීම සම්බන්ධයෙන් බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය විසින් මෙම තරගයේ තරග තීරකයා වෙත පැමිණිලි කර ඇති බවට සඳහන් ය.

කෙසේ වෙතත්, තරග තීරකයාගේ වාර්තාව අනුව මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැරසෙන බව ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කළේ ය.