කොටහේන වෙඩික්කරුවන් පොලිස් වෙඩි ප්‍රහාරයකින් මරුට
By Gagana News
කොටහේන, ගල්පොත්ත ප්‍රදේශයේ ඊයේ (21) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා විමර්ශන අතරතුර පොලිසියට වෙඩි තැබීමට තැත් කිරීමේදී පොලිසිය ප්‍රතිප්‍රහාර එල්ල කර තිබෙනවා.
එහිදී සැකකරුවන් දෙදෙනාම මිය ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
එහිදී ජීවිතාරක්ෂාව සදහා පොලිස් නිලධාරීන් වෙඩි තබා ඇති අතර, එහිදී තුවාල ලැබූ සැකකරුවන් දෙදෙනා රෝහල්ගත කිරීමෙන් පසු මෙලෙස මිය ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග සඳහන් කළේ.
තුවාල ලැබූ නිලධාරියෙකු ද රෝහල්ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.