බලශක්ති සහ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ආයෝජනයට දකුණු කොරියාවේ කැමැත්ත...

Report

මෙරට බලශක්ති සහ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට දකුණු කොරියාවේ යොං-ජෝ මුන් මහතා කැමැත්ත පළ කළ ඇත.

ඒ අරලියගහ මන්දිරයේදී දකුණු කොරියානු මහජන සමූහාණ්ඩුවේ ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයෙකු වන යොං-ජෝ මුන් හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර පවතී හමුවක දී ය.

සමෘද්ධි නිලධාරින්ගේ ගැටලු විසඳීමට මුදල් අමාත්‍යාංශයේ එකඟත්වය...

සමෘද්ධි නිලධාරින්ගේ ගැටලු විසඳීමට මුදල් අමාත්‍යාංශයේ එකඟත්වය...

එතුමා එහිදී ප්‍රකාශ කළේ, තමන් සභාපතිත්වය දරන ජාත්‍යන්තර අන්තර් හුවමාරු සංවර්ධන සංගමයට අනුබද්ධ ව්‍යවසායකයන් සූර්ය බලශක්ති ව්‍යාපෘති කිහිපයකට මෙන්ම ශ්‍රී ලංකාවේ පලතුරු වගාව සඳහාද ආයෝජනය කිරීමට කැමැත්තෙන් පසුවන බවයි.

එමෙන් ම, ශ්‍රී ලංකාවේ පලතුරු වගාව සඳහා ආයෝජනය කිරීමේ කැමැත්තෙන් පසුවන්නන් කොරියාව ඇතුළු වෙනත් රටවලට මෙරට පලතුරු අපනයනය කිරීමේ අදහසින් පසුවන බවද යොං-ජෝ මුන් මහතා සඳහන් කර සිටියේ ය.

වසර 50කට පසු අයිස්ලන්තයේ ගිනි කඳු පිපිරීමක්...

වසර 50කට පසු අයිස්ලන්තයේ ගිනි කඳු පිපිරීමක්...

මෙම ක්ෂේත්‍රවල ආයෝජන කිරීමේ යෝජනා ශ්‍රී ලංකාව පිළිගන්නා බව ද එතුමා පැවසී ය.

තව ද, අග්‍රාමාත්‍යවරයා විකල්ප බලශක්ති ප්‍රභවයන්වලට යොමු වෙමින් බොරතෙල් මත යැපීම අවම කිරීම සඳහා රජය සැලසුම් කර ඇති බවද පෙන්වාදී තිබෙනවා.

එමෙන්ම , ධීවර, සෞඛ්‍ය සහ ඉදිකිරීම් ක්ෂේත්‍රවල නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා යොදාගත හැකි නව තාක්ෂණය සඳහා කළ හැකි ආයෝජන පිළිබඳවද දෙපාර්ශ්වය අතර සාකච්ඡා ඇති වූ බව සඳහන් වේ.