අතුරු සිදුරු නැතුව කොලිගේ දස්කම් බලන්න ආපු ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තුවට හිමන්ෂුගෙන් තෑග්ගක් ...(VIDEO)

By Piyumika Feb 01, 2025 02:48 AM GMT
Report

ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි කලකට පසුව දේශීය ක්‍රිකට් පිටියට පැමිණ තිබෙනවා. ඒ, ඉන්දියාවේ ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලියක් වන රංජි කුසලානය වෙනුවෙන්.

නඩු කියලම අතේ සතේ හිඳිලද..පරම්පරා ගණන් ඇදෙන ඉඩම් නඩු ගැන රජය ගත්ත අලුත්ම තීරණය...

නඩු කියලම අතේ සතේ හිඳිලද..පරම්පරා ගණන් ඇදෙන ඉඩම් නඩු ගැන රජය ගත්ත අලුත්ම තීරණය...

දිල්ලි කණ්ඩායම නියෝජනය කරමින් විරාට් කෝලි ඊයේ (31) දිනයේ පිටියට පිවිසි අතර, එහිදී ඔහුට පිත්තෙන් වැඩි දස්කම් දැක්වීමට හැකියාව ලැබුණේ නැහැ.

දේශීය ක්‍රිකට් පිටියට කලකට පසු පැමිණි කෝලි දිල්ලි කණ්ඩායමට ක්‍රීඩා කරන අයුරු දැක බලාගැනීම සඳහා දිල්ලි නුවර අරුන් ජට්ලි ක්‍රීඩාංගණයට විශාල ප්‍රේකෂක පිරිසක් රැස්ව සිටියා.

එහිදී දිල්ලි ඉනිමේ තුන්වන කඩුල්ලට පිටියට පිවිසි විරාට් කෝලි උණුසුම් පිළිගැනීමක් රැස්ව සිටි ප්‍රේකෂකයින්ගෙන් හිමි වුණා.

මොකා බලන්නද බන්..මෙන්න මෙතන හංගා ගනින්..දෙන්නෙක් එක්ක මැණික් අරන් ආපු විදිහ බලන්නකෝ..

මොකා බලන්නද බන්..මෙන්න මෙතන හංගා ගනින්..දෙන්නෙක් එක්ක මැණික් අරන් ආපු විදිහ බලන්නකෝ..

කෙසේ වෙතත් මෙම තරගයේ දී කෝලිට මුහුණදීමට හැකි වූයේ පන්දු 15 කට පමණයි. එහිදී ඔහු පන්දු 14ක් තුළ ලකුණු 06ක් රැස්කරගෙන සිටිය දී වේග පන්දු යවන ක්‍රීඩක හිමන්ෂු සංග්වාන් යැවූ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් පිටියෙන් ඉවත්වීමට සිදු වුණා.