දිනකට 5දෙනෙකුට මරු කැඳවන වකුගඩු රෝග
ශ්‍රී ලංකාවේ දිනකට වකුගඩු රෝගීන් පස් දෙනෙකු මිය යන බව ජාතික වකුගඩු රෝග නිවාරණ සහ පර්යේෂණ ඒකකය පවසයි.
2023 වසරේ දත්ත අනුව, දිගුකාලීන වකුගඩු රෝග හේතුවෙන් රෝහල් ගතවීම් 213,448ක් සහ මරණ 1,626ක් සිදුව ඇත.
2023-2024 කාලය තුළ රුධිර කාන්දුපෙරණ ප්‍රතිකාර ලබා ගත් රෝගීන් සංඛ්‍යාව 6,582ක් වන අතර, එම කාලය තුළ රුධිර කාන්දුකරණ ප්‍රතිකාර ලබා ගත් රෝගීන් සංඛ්‍යාව 1,000කි.
එසේම, වකුගඩු බද්ධ කිරීම් සිදු කළ රෝගීන් සංඛ්‍යාව ආසන්න වශයෙන් 300ක් බව වාර්තා වේ.
මෙම තත්ත්වය මත 2006 සිට සෑම වසරකම මාර්තු මස දෙවැනි බ්‍රහස්පතින්දා ලෝක වකුගඩු දිනය සමරනු ලබයි.
මෙවර එහි තේමාව වන්නේ “දැනුවත් වෙමු, කලින් හඳුනා ගනිමු, වකුගඩු සුරකිමු” යන්නයි.