නොසිතූ මොහොතක ජීවිතයට සමුදුන් සංදීප
අඟුණුකොළපැලැස්ස, අබේසේකරගම මාර්ගයේ කීරියගොඩැල්ල මංසන්ධිය අසල, අධිවේගී මාර්ගයට ආසන්නව පිහිටි ගුවන් පාලම යට තරුණයෙකුගේ මළ සිරුරක් හමු වී ඇත.
එම තරුණයා ඝාතනය කර ගුවන් පාලමෙන් පහළට විසි කර ඇති බවට පොලීසිය සැකකර ඇත.
මියගොස් ඇත්තේ 23 හැවිරිදි අබේසිංහ විජේනායක සංදීප ලක්ෂාන් නම් තරුණයෙකි. මෙම අභිරහස් මරණය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන අඟුණුකොළපැලැස්ස පොලීසිය විසින් සිදු කරනු ලැබේ.