පුද්ගලයෙක් පැහැර ගත් හොරපොලිස් මාට්ටු ..

By Piyumika Jul 07, 2024 07:10 AM GMT
Report

පොලිස් නිලධාරීන් බව පවසා පුද්ගලයෙකු පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයින් දෙදෙනෙකු සෙවනගල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

බොඳවුණු කැනඩා සිහිනය..

බොඳවුණු කැනඩා සිහිනය..

ජූනි 29 වනදා මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් තමන් පොලිස් නිලධාරීන් බව පවසා 55 හැවිරිදි පුද්ගලයෙකුව පැහැරගෙන ගොස් තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් සෙවනගල පොලීසියට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයක දී ඊයේ (06) ඇඹිලිපිටිය ප්‍රදේශයේ දී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධියට යොදාගත් මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන තිබේ .

බිත්තර මිල තවත් ඉහළට? ..

බිත්තර මිල තවත් ඉහළට? ..

සැකකරුවන් ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මුදල් ආරවුලක් හේතුවෙන් මෙම පැහැරගැනීම සිදුකර ඇති බවට පොලිසිය සිදුකළ විමර්ශනයේ දී අනාවරණය විය.