බිත්තර මිල තවත් ඉහළට? ..

Sri Lanka Ministry of Consumer Affairs Authority Value Added Tax​ (VAT)
By Piyumika Jul 07, 2024 06:17 AM GMT
Piyumika

Piyumika

Report

ලබන වසරේ ජනවාරියේ සිට බිත්තර සඳහා 15%ක වැට් බද්දක් එකතු කිරීමට නියමිත බවත්, ඒ හේතුවෙන් බිත්තර මිල තවත් ඉහළ යනු ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් එච්.එම්.ඩී.ආර්.අලහකෝන් පවසා සිටී.

එහිදී ඔහු සඳහන් කළේ, පාරිභෝගික අධිකාරිය විසින් බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කළද, එම නියම කරන ලද මිල ප්‍රමාණයන් අනුව බිත්තර අලෙවි කළ නොහැකි බවයි.

මරණයකින් කෙළවර වුණු දුර දිග ගිය පවුල් ආරව්ල..

මරණයකින් කෙළවර වුණු දුර දිග ගිය පවුල් ආරව්ල..

පාරිභෝගික අධිකාරිය විසින් ජූලි 02 වැනිදා සිට බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරනු ලැබූ අතර, එහිදී සුදු බිත්තරයක් රුපියල් 43ත් 47ත් අතර මිලකට ද, දුඹුරු බිත්තරයක් රුපියල් 45ත් 49ත් අතර මිලකට අලෙවි කළ යුතු යැයි සඳහන් කර තිබේ .

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම්වරයා සඳහන් කළේ, මීට පෙරාතුවද බිත්තර සඳහා උපරිම මිලක් නියම කර තිබුණද එය අසාර්ථක වූ බවත්, එමඟින් සිදුවූයේ කර්මාන්ත බිඳවැටීම පමණක් බවයි.

නිවසක් බිඳ ලක්ෂ 10ක් හොරකම් කල සැකකරුගේ ඇඟිලි සලකුණු කොස්තාපල්වරයාගේ ඇඟිලි සලකුණු වලට ගැලපිලා..

නිවසක් බිඳ ලක්ෂ 10ක් හොරකම් කල සැකකරුගේ ඇඟිලි සලකුණු කොස්තාපල්වරයාගේ ඇඟිලි සලකුණු වලට ගැලපිලා..

මිල පහළ දැමීමට නම් සිදුකළ යුත්තේ නිෂ්පාදනය ඉහළ නැංවීම මිස ඒකපාර්ශ්වික මිල නියම කිරීම නොවන බවත් පැවසූ ඔහු, ගොවිපොළවලින් බිත්තර නිකුත් කරනු ලබන්නේ රුපියල් 42ත් 43ත් අතර මිලකට වන බවත්, ඒ අනුව මිල නියම කර ඇති පරිදි බිත්තර රුපියල් 43ත් 47ත් අතර මිලකට අලෙවි කිරීම අපහසු බවයි.

එහිදී මෙම ක්‍රමවේදය මඟින් සිදුවන්නේ ගොවින් නිෂ්පාදනය අතහැර යාමෙන් යළිත් වරක් බිත්තර හිඟයක් ඇතිවීම බවටද ඔහු අනතුරු ඇඟවීමක් සිදුකරනු ලැබීය .