බොඳවුණු කැනඩා සිහිනය..

Jaffna Sri Lanka Department of Immigration & Emigration Canada
By Piyumika Jul 07, 2024 06:26 AM GMT
Piyumika

Piyumika

Report

කූඨ ලෙස සකස් කළ ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන කැනඩාව බලා පළා යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි ශ්‍රී ලාංකික තරුණයෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත .

මෙලෙස අත්තඩංගුවට ගෙන ඇත්තේ යාපනය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකි .

බෝරා නිසා ගාලු පාරේ වාහන තදබදය වැඩි වේ - විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට උපදෙස්..

බෝරා නිසා ගාලු පාරේ වාහන තදබදය වැඩි වේ - විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට උපදෙස්..

මොහු සෞදි අරාබියේ දමාම් නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 263 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .ඔහු එතැන් සිට තවත් වෙනත් ගුවන් යානයකින් කැනඩාව බලා යාමට සැළසුම් කර තිබුණි .

ඔහු සිය ගුවන් සේවා නිශ්කාශන කටයුතු නිමා කර විගමන කටයුතු සදහා පැමිණෙමින් සිටියදී ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන්ට මොහු පිළිබඳ ඇති වූ සැකය මත මොහු නවතා මොහුගේ ගමන් බලපත්‍රය ඇතුළු අනෙකුත් ලියකියවිලි පරීක්ෂා වට ලක් කර තිබේ .

බිත්තර මිල තවත් ඉහළට? ..

බිත්තර මිල තවත් ඉහළට? ..

එහිදී එම ගමන් බලපත්‍රය කැනඩාවේ වීසා බලපත්‍ර හිමි වෙනත් ශ්‍රී ලාංකිකයෙකු සතු ගමන් බලපත්‍රයක් බවට කරුණු අනාවරණය වී තිබේ .

මොහු තැරැව්කරුවෙකුට රුපියල් ලක්ෂ 18 ක මුදලක් ලබා දී එම ගමන් බලපත්‍රයට මොහුගේ ජායාරූපය සහ අනෙකුත් මූලික තොරතුරු ඇතුළත් කර මෙම ගමන් බලපත්‍රය කූඨ ලෙස සකස් කර ගත් බව මොහු ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබේ .