අද රාත්‍රියේ විශේෂ රථවාහන සැලැස්මක් - පාර වහනවා

Report

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කර ඇත්තේ කැලණිය රජමහා විහාරස්ථානය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන අවසන් මහා දුරුතු පෙරහර අද (10) රාත්‍රී වීථී සංචාරය කිරීමට නියමිතව ඇති බැවින්, එම ප්‍රදේශයේ රථවාහන ගමනාගමනය සීමා කරන බවයි.

ඒ අනුව අද රාත්‍රී 07.00ට විහාරස්ථානයෙන් ආරම්භ වන පෙරහර කැලණි සිරි වටරවුම, විහාර මාවත, වලන්කඩේ හන්දිය, බස් නැවතුම්පළ සහ බියගම මාර්ගය ඔස්සේ වීථී සංචාරය කර නැවත විහාරස්ථානයට ගෙවැදීමට නියමිතයි.

ලංකාව ගැන ඇග කිළිපොලා යන ඇත්තක් එළියට - හතරෙන් එකක් ඉවරයි

ලංකාව ගැන ඇග කිළිපොලා යන ඇත්තක් එළියට - හතරෙන් එකක් ඉවරයි

ඒ අනුව අද පස්වරු 07.00 සිට හෙට (11) අලුයම 04.00 දක්වා පෙරහර ගමන් ගන්නා කාලය තුළ පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

  • බත්තරමුල්ල දෙස සිට බියගම දෙසට ගමන් ගන්නා සියළුම රථ වාහන කැලණිමුල්ල ආලෝක සංඥා අසලින් දකුණට හැරී අඹතලේ මාර්ගය ඔස්සේ කඩුවෙල හරහා බියගම දෙසට ගමන් කල හැකිය.
  • බත්තරමුල්ල දෙස සිට පෑලියගොඩ දෙසට ගමන් ගන්නා සියළුම රථවාහන කැලණිමුල්ල ආලෝක සංඥා අසලින් වමට හැරී තොටලඟ මාර්ගයෙන් පෑලියගොඩ දෙසට ගමන් කල හැකිය.
  • බියගම දෙස සිට පෑලියගොඩ දෙසට ගමන් ගන්නා සියළුම රථවාහන පට්ටිවිල හන්දියෙන් දකුණට හැරී සපුගස්කන්ද කිරිබත්ගොඩ හරහා ගමන් කල හැකිය.
  • බියගම දෙස සිට බත්තරමුල්ල දෙසට ගමන් ගන්නා සියළුම රථවාහන බණ්ඩාරවත්ත හන්දියෙන් වමට හැරී කඩුවෙල අඹතලේ මාර්ගයෙන් ගමන් කල හැකිය.
  • පෑලියගොඩ දෙස සිට බියගම දෙසට ගමන් ගන්නා සියළුම රථවාහන පෑලියගොඩ සිට කිරිබත්ගොඩ සපුගස්කන්ද හරහා ගමන් කල හැකිය.
  • පෑලියගොඩ දෙස සිට බත්තරමුල්ල දෙසට ගමන් ගන්නා සියළුම රථවාහන තොටලඟ මාර්ගයේ කැලණිමුල්ල ආලෝක සංඥා හරහා බත්තරමුල්ල දෙසට ගමන් කල හැකිය.
  • වරාගොඩ දෙස සිට බියගම දෙසට ගමන් ගන්නා සියළුම රථවාහන පරණ නුවර පාර ටයර් හන්දිය කිරිබත්ගොඩ සපුගස්කන්ද හරහා ගමන් කල හැකිය.

උසස් පෙළ විභාගයේ අලුත්ම කාලසටහන මෙන්න

උසස් පෙළ විභාගයේ අලුත්ම කාලසටහන මෙන්න

පරණ නුවර මාර්ගයේ බියගම දෙසට ඇතුළුවන සියළුම රථවාහන කිරිබත්ගොඩ, සපුගස්කන්ද හරහා පට්ටිවිල මාර්ගයේ ගමන් කල හැකිය. පෙරහර නැරඹීමට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සහ රථවාහන තදබදය අවම කිරීම සඳහා පොලිසියට සහාය වන ලෙස මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.