කෙහෙළියගේ ආන්දෝනාත්මක ඉමියුනොග්ලොබියුලින් නිෂ්පාදනයට මෙරටට ගෙනා අමුතු ගැජමැටික්ස්.
හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පාලන සමයේදී මෙරට නිපද වූ තත්ත්වයෙන් බාල පිළිකා සහ ඉමියුනොග්ලොබියුලින් ඖෂධ නිෂ්පාදනය කර ඇත්තේ පලතුරු යුෂ නිෂ්පාදන සහ කිරි පැකට් නිෂ්පාදන යන්ත්‍ර ආනයනය කරන ලද සමාගමක් විසින් බව අනාවරණය වී තිබෙනවා.
ඒ, අනුව වාර්තා වන්නේ, අදාළ ඖෂධ නිෂ්පාදන ආයතනය කිසිදු අවස්ථාවක ඖෂධ නිෂ්පාදනයට අදාළ යන්ත්‍රෝපකරණ මෙරටට ආනයනය කිරීමට කටයුතු කර නොමැති බවත් 2017-2021 කාලවකවානුවේදී එම සමාගම විසින් පලතුරු යුෂ නිෂ්පාදන යන්ත්‍රයක්, කිරි පැකට් නිෂ්පාදන යන්ත්‍රයක්, කිරි ගබඩා කරන උපකරණ, ජීවානුහරණ උපකරණ ආදිය පමණක් රේගුව හරහා ගෙන්වා ඇති බවයි.
ප්‍රශ්නගත තත්ත්වයෙන් බාල බවට තහවුරු වූ ඉමියුනොග්ලොබියුලින් නිෂ්පාදනය කරනු ලැබූ අදාළ සමාගම 2023 වසරේ අප්‍රේල් මසදී ඖෂධ නියාමන අධිකාරිය විසින් පරීක්ෂාවට ලක්කර ඇති අතර එහිදී අදාළ සමාගම තුළ ඖෂධ නිෂ්පාදනයට සුදුසු කිසිදු පහසුකමක් නොතිබුණු බව සනාථ වී ඇත.
මෙම කරුණු අනාවරණය වී ඇත්තේ, විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ වාර්තාවකට අනුවයි.