කෙහෙළියගේ දුවත් වැලිකඩට..?

Report

තමාගේ ගිණුමට ලැබුණු සියලු මුදල් ලබා ගත්තේ හිටපු අමාත්‍ය කෙහෙළි රඹුක්වැල්ල මහතාගේ දියණිය වන අමාළි රඹුක්වැල්ල මහත්මිය විසින් බව කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ නිශාන්ත බණ්ඩාර බස්නායක මහතා ප්‍රකාශ කළ බව අල්ලස් කොමිෂම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අනුජා ලක්මාලි මහත්මියට අද (26) දැනුම් දුන්නේය.

තමාගේ නමට ගිණුමක් විවෘත කර ඇතත් එම ගිණුමේ පාස් පොත ඇතුළු සියලු දේ ඇත්තේ අමාළි රඹුක්වැල්ල මහත්මිය ළඟ බව බස්නායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළ බව අල්ලස් කොමිෂම ඔහු අධිකරණයට ඉදිරිපත් කරමින් දැනුම් දුන්නේය.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය, සෞඛ්‍ය සහ පරිසර ඇමතිවරයා ලෙස කටයුතු කළ 2021/2023 කාලයේදී ඔහුගේ පුද්ගලික කාර්ය මණ්ඩලයට පුද්ගලයින් 15 දෙනකු බඳවාගෙන ඔවුන්ට ගෙවන ලද වැටුප් ,අතිකාල දීමනා තම පුද්ගලික වියදම් සහ දේශපාලන කටයුතු වලට යොදා ගැනීමෙන් රජයට රුපියල් ලක්ෂ 80කට අධික පාඩුවක් කලයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ නිශාන්ත බණ්ඩාර බස්නායක මහතා අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිෂන් මේ බව දැනුම් දුන්නේය.

සිද්ධියට අදාළව කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ අල්ලස් කොමිසමේ නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීමට අල්ලස් කොමිසමට පැමිණි සැකකරුගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගත්තේ යැයි දැනුම් දුන්හ.

කෙසේ නමුත් සැකකරුගේ නමින් නැති ගිණුමේ භාවිතා කිරීමට සැකකරු ඔහුගේ අනුදැනුම ඇතිවම වෙනත් පාර්ශවයකට ඉඩ සලසා ඇතැයිද ඒ අනුව ඔහු මෙම අපරාධය කිරීමට අදාළ අනුබල දී ඇතැයි ද දැනුම් දුන් අල්ලස් කොමිසමේ නිලධාරීහු මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කරන හෙයින් සැකකරු රිමාන්ඩ් බාරයට පත් කරන්නයි ඉල්ලා සිටියහ.

ප්‍රසිද්ධියේ ජනපතිගේ කනට ගැසූ බිරිද (PHOTO)

ප්‍රසිද්ධියේ ජනපතිගේ කනට ගැසූ බිරිද (PHOTO)

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින් තම සේමාදායකයා අල්ලස් කොමිසම විසින් මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් කරන නමුත් ඔහු මෙම නඩුවේ සාක්කිකරුවකු විය යුතු යැයි පැවසීය.

අල්ලස් කොමිසමේ කැඳවීමක් හෝ නොමැතිව තම සේවා දායකයා ස්වේච්ඡාවෙන් අල්ලස්ගො කොමිසමට ගොස් ප්‍රකාශයක් ලබා දෙමින් මෙම ගිණුම පිළිබඳ සියලු විස්තර හෙළි කළේ යැයිද ගිණුමට අදාළ පාස්පොත බැංකු කාඩ් පත් ආදිය සියල්ල ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය සතුව බවත් ගිණුමට ලැබෙන මුදල් කවුරුන් විසින් දමන මුදල්ද යන්න පිළිබඳ තම සේවා දායකයාගේ දැනුවත්භාවයක් නැතැයිද කී නීතිඥවරයා මෙම සිද්ධියේ සාක්කිකරුවකු විය යුතු තම සේවා දායකයා ඇප මත මුදා හරින්නයි ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරු ලබන තුන්වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ මහේස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතියේ එදින වාර්තා කරන ලෙස අල්ලස් කොමිසමට නියම කළාය. 

අනුදිව පරද්දන්න තායිලන්ත රූ රැජිණ හොර කරනවද? (PHOTO)

අනුදිව පරද්දන්න තායිලන්ත රූ රැජිණ හොර කරනවද? (PHOTO)