කෙහෙල්බද්දර පද්මේ නඩුව නැවත උණුසුම් වෙයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීණි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඊයේ (05) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දී ඇති බව වාර්තා වේ.
ප්‍රකාශය ලබා දීම සඳහා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පෙරවරු 9.30 පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇති අතර, පස්වරු 12.30 පමණ පිටත් වී ගොස් ඇති බව දැනුම් දී ඇත.
ඇය මෙසේ පෙනී සිටියේ දැනට රඳවාගෙන සිටින පාතාල කල්ලි නායක මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් 'කෙහෙල්බද්දර පද්මේ' නැමැත්තා සමඟ සබඳතා පැවැත්වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා බවට එතෙම් මාධ්‍ය වාර්තා කර ඇත.