ජනතාව අමාරුවේ - හාල් මිල ඉහළට - ඉස්සරහට අමාරු කාලයක්

Report

දේශීය වෙළෙඳපොළ තුළ කීරි සම්බා සඳහා පවතින දැඩි හිඟය සහ මිල පාලනය කළ නොහැකි වීම හේතුවෙන් රජය විසින් ආනයනය කරන ලද පොන්නි සම්බා සහල් ද මේ වන විට නියමිත මිලට වඩා වැඩි මුදලකට අලෙවි වන බවත් පාරිභෝගිකයාට සහනයක් වීමට ගෙන්වූ මෙම සහල් වර්ගය ද මේ වන විට කළු කඩ මිලකට අලෙවි වන බවත් වාර්තා වේ.

රජය විසින් නියම කර ඇති රුපියල් 260ක උපරිම සිල්ලර මිල නොතකමින්, වෙළෙඳපොළේ පවතින හිඟය ප්‍රයෝජනයට ගෙන කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 330 සිට 380 දක්වා වූ අධික මිල ගණන් යටතේ අලෙවි වේ.

ලිට්‍රෝ ගෑස් භාවිතා කරන්නන්ට සුභ ආරංචියක් - මේ දැන් කොළඹට

ලිට්‍රෝ ගෑස් භාවිතා කරන්නන්ට සුභ ආරංචියක් - මේ දැන් කොළඹට

කීරි සම්බා සඳහා විකල්පයක් ලෙස රජයේ අනුමැතිය මත මෙරටට ගෙන්වූ පොන්නි සම්බා (GR 11) සහල් වර්ගයේ පාලන මිල රුපියල් 255ක් ලෙස නියම කර ඇති අතර කීරි සම්බා හිඟයට සමගාමීව පොන්නි සම්බා සහල් සඳහා ද ඉල්ලුම ඉහළ යාම නිසා, ඇතැම් ප්‍රදේශවල එම සහල් කිලෝවක් රුපියල් 270ත් 275ත් අතර ඉහළ මිලකට අලෙවි වන බව වාර්තා වේ.

සහල් හිඟය පදනම් කරගනිමින් වෙළෙඳුන් විසින් මෙලෙස අත්තනෝමතික ලෙස මිල ඉහළ දැමීම නිසා සාමාන්‍ය පාරිභෝගිකයා දැඩි අපහසුතාවට පත්ව සිටියි.

බිත්තර, කුකුළු මස්, ඌරුමස් මිලට වෙන්න යන දේ ගැන දැනුවත් කිරීමක්

බිත්තර, කුකුළු මස්, ඌරුමස් මිලට වෙන්න යන දේ ගැන දැනුවත් කිරීමක්

රට ඉදන් ආපු සැමියා කරපු දෙයින් කටුනායක ගුවන්තොටුපළම හොල්මන් - පවුලම හඩා වැටෙයි

රට ඉදන් ආපු සැමියා කරපු දෙයින් කටුනායක ගුවන්තොටුපළම හොල්මන් - පවුලම හඩා වැටෙයි