ශ්‍රී ලංකා පොලිසියෙන් රියදුරන්ට නිවේදනයක් - විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි
ශ්‍රී ලංකා පොලීසිය පවසන්නේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ සිව්වන රන්දෝලි පෙරහැර හෙට (26) වීථි සංචාරය කිරීමට නියමිත අතර, ඒ වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බවයි. අගෝස්තු 18 වන දින ආරම්භ කර අගෝස්තු 28 වන දින දක්වා ශ්‍රී දළදා මාලිගය විසින් වාර්ෂිකව පවත්වනු ලබන මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍ය වීථි සංචාරය කරනු ලබයි.
තාත්තා බීලා හිටියට සර්ට ගහන්න අයිතියක් නෑනේ.. මේ මනුස්සයගේ ලේ බලන්නකෝ.. නෑ මම යන්නෑ.. - තාත්තට ගැහුවට පුතා පොලිසිය දෙවනක් කරයි
ඊට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරනු ලබන අතර, ඒ සඳහා මාර්ග බාධක, ආරක්ෂක රාජකාරි, රථ වාහන හා පුද්ගලයින් පරීක්ෂා කිරීම, සංචාරයිකයින්ට මග පෙන්වීම හා රථ වාහන ගාල් කිරීම් ඇතුළු විශේෂ වැඩපිළිවෙලක් ශ්‍රී ලංකා පොලීසිය විසින් ආරම්භ කර ඇත. පෙරහැර කාල සීමාවන් තුළ ක්‍රියාත්මක රථවාහන සැලැස්ම හා දෛනික රථ වාහන සැලැස්ම පහත පරිදි වේ.
හෙට (26) සිව්වන රන්දෝලි පෙරහැර මාලිගාවෙන් ආරම්භව දළඳා වීදිය, යටි නුවර වීදිය, හරස් වීදිය, කොටුගොඩැල්ල වීදිය, කන්දේ වීදිය, ඩී.එස්.සේනානායක වීදිය, රජ වීදිය ඔස්සේ ගමන් කර නැවත මාලිගාවට ගෙවදීමට නියමිතව ඇත. පෙරහැර ආරම්භය සවස 6.44ට වන අතර පෙරහැර ගමන් මාර්ගයේ දුර කිලෝමීටර් 02 මීටර් 180ක් වේ. එම කාලය තුළ මහනුවර නගරය තුල ක්‍රියාත්මක රථ වාහන සැලැස්ම හා විකල්ප මාර්ග පහත පරිදි වේ.
විකල්ප මාර්ග කටුගස්තොට සිට මහනුවර නගරයට පැමිණෙන සියළුම බර වාහන මහයියාව හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ පොලිසිය හන්දියෙන් මහනුවර නගරය වෙත ගමන් කල හැකිය. කටුගස්තොට දෙසින් පැමිණෙන සැහැල්ලු වාහන ඩී.එස්. සේනානයක වීදිය ඔස්සේ පැමිණ හරස් වීදිය ඔස්සේ යටිනුවර වීදියට පැමිණ දකුණට හැරී මීරමක්කම් පල්ලිය අසලින් වමට ධාවනය කර තිලක් රත්නායක මාවත ඔස්සේ ගමන් කල හැකිය.
කටුගස්තොට දෙසට පිටවන වාහන පොලිසිය හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ මහයියාව දෙසට ගමන් කල හැකිය. තැන්නේ කුඹුර හා අම්පිටිය දෙසින් පැමිණෙන වාහන සංඝරාජ මාවතඔස්සේ වේල්ස් පාර්ක් හන්දියට පැමිණ ඇහැලේපොළ කුමාරිහාමි මාවතෙන් දකුණට හැරී බෝගම්බර, දුම්රිය පොළ අසලින්ද කොළඹ දෙසට ගමන් කරන වාහන වම් පසටද, නගරය දෙසට ගමන් කරන වාහන දකුණු පසටද ගමන් කල හැක.
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ගිණුම් හිමියන්ට සුභ ආරංචියක් - ප්‍රධාන කාර්යාලය හා ශාඛා ජාල වලත් ක්‍රියාත්මකයි
එසේම රජපිහිල්ල මාවත හන්දියෙන් පල්ලිය පාර ඔස්සේ මහනුවර නගරයට ඇතුළු විය හැකිය. නගරයේ සිට අම්පිටිය, තෙල්දෙණිය මාර්ගයේ ගමන් කරන වාහන ඔරලෝසු කණුව වටරවුමෙන් දළඳා වීදිය ඔස්සේ පැමිණ රැජිණ හෝටලයේ පැති දොරටුව අසලින් ජෝයි බෝට්ටු සේවය පසු කර සංඝරාජ මාවත ඔස්සේ ගමන් කල හැක.
තවද, බෝගම්බර වට රවුමේ ඇහැලේපොළ කුමාරිහාමි මාවත, රජපිහිල්ල මාවත, වේල්ස් පාර්ක් හන්දිය හරහා සංඝරාජ මාවත ඔස්සේ අම්පිටිය හා තැන්නේ කුඹුර දෙසට ගමන් කල හැකිය. පල්ලිය පාර දෙපසටම ගමන් කිරීමට හැකි පරිදි බෙදා වෙන් කර ඇත. කොළඹ දෙසින් මහනුවර නගරයට ඇතුළු වීමට හා මහනුවර නගරයෙන් කොළඹ දෙසට පිට වීමට විලියම් ගොපල්ලව මාවත හා පරණ පේරාදෙණිය පාර දෙපසටම භාවිතා කල හැකිය.
