වෙළදසැලක් මතට පස් කදු කඩා වැටේ අයෙක් මරුට පිරිසක් සුන්බුන් අතර සිරවේ [PHOTO]
අද (22) පෙරවරුවේ අධික වර්ෂාවත් සමග මහනුවර, පහළ කඩුගන්නාව ප්‍රදේශයේ වෙළඳසැලක් මතට පස් කඳු කඩා වැටීමක් සිදුව ඇත.
සිදුවූ අනතුරින් එක් පුද්ගලයෙකු මියගොස් සිව්දෙනෙකු මේ වනවිට මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇත.
එමෙන්ම තවත් කිහිප දෙනෙකු සුන්බුන් තුළ සිරවී සිටින බවට වාර්තා වේ.
වැඩිදුරටත් වාර්තා වන්නේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ඔවුන් මුදාගැනීම සඳහා මේ වනවිට මෙහෙයුමක් ආරම්භ කර ඇති බවය.
මෙම වෙළෙඳසැල කෙටි ආහාර සහ තේ පානය සඳහා බොහෝ පිරිසක් පැමිණෙන ස්ථානයක් බව වාර්තා වේ.
මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනයද එක් මංතීරුවකට සීමාකර තිබේ.
