චන්ද්‍රිකා ඇස් දෙකටම දැක්ක තරුණ දේශපාලඥයෙකුගේ ආන්දෝලනාත්මක ඩොලර් බිලියනයක ගිණුම ගැන රනිලුත් කට අරියි.

Report

තරුණ දේශපාලඥයෙකුගේ ඩුබායි රාජ්‍යයේ ඇති ගිණුමක ඩොලර් මිලියන දහසක ගිණුමක් තමන් දෑසින් දුටු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පවසනවා.

ඇය මේ බව කියා සිටියේ, වරලත් ගණකාධිකාරි වරුනගේ 45 වන සමුළුවට සහභාගි වෙමින්.

කෙසේ වෙතත් එම ගිණුමේ මුල් පිටපත් ඉදිරිපත් කිරීමට නොහැකි වූ බැවින් මෙම තරුණ දේශපාලඥයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි බවද ඇය වැඩිදුරටත් සඳහන් සඳහන් කර ඇත.

එමෙන්ම එම සාකච්ඡාවට සම්බන්ධවූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ අදාළ දේශපාලඥයාගේ බැංකු ගිණුම් සම්බන්ධ වාර්තාවක් ලබා ගැනීමට යහපාලන රජයේදී විශේෂ නිලධාරීන් කණ්ඩායමක් ඩුබායි රාජ්‍යයට පිටත්ව ගියත් කිසිදු ගිණුමක් ගැන තොරතුරක් සොයා ගැනීමට ඔවුන් අපොහොසත් වූ බවයි.