කණ්ඩලම ජලාශයේ වාන් දොරටු තවදුරටත් විවෘතයි
By Kanchana
කණ්ඩලම ප්රදේශය පුරා පවතින වර්ෂාවත් සමග අද (22) දින කණ්ඩලම ජලාශයේ වාන් දොරටු තවදුරටත් විවෘතව පවතින බව මහවැලි අධිකාරිය සදහන් කරයි.
ඒ අනුව තප්පරයට ඝන අඩි 500 ක ජල කඳක් කණ්ඩලම ජලාශයෙ වාන් අල දිගේ කුඩා තම්මන් ඇළ හරහා මිරිස්ගෝනියා ඔයට වැටී කලාවැවට මුදා හරින බව වාර්තා වේ.
ඒ වගේම කණ්ඩලම ජලාශය වාන් දැමීම නිසා දඹුල්ල වෑවල වැව ප්රධාන මාර්ගය හරහා වාහන ගමනා ගමනයට බාධා එල්ල ව විය.
ඒ වගේම මොරගහකන්ද ජලශයේද සම්පුර්ණ ජල ධාරිතාවයට ළඟාවී වී ඇති බව වාර්තා වේ .