කළුතර සිසුවියන්ගේ අපරාද රැල්ල ගැන අද තීරණාත්මක දිනය..පාසල් සිසුන් සදහා ලිංගික සෞඛ්‍ය අධ්‍යාපනය උගන්වයි..

Report

කළුතර ලැගුම්හලක ඉහළ මහළකින් ඇද වැටී පාසල් සිසුවියක් මියයාමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ මියගිය පාසල් දැරියගේ 19 හැවිරිදි මිතුරිය, ඇගේ පෙම්වතා සහ ප්‍රධාන සැකකරුගේ රියදුරා අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට යළි ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.

එමෙන්ම පාසල් සිසුවියන් කිහිපදෙනෙකු අපයෝජනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි උපකාරක පංති ගුරුවරයා අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

එමෙන්ම කළුතර - පයාගල ප්‍රදේශයේ විහාරස්ථානයක එකොලොස් හැවිරිදි සාමනේර හිමිනමක් අපයෝජනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් සහ තවත් භික්ෂුන් වහන්සේ දෙනමද අද යළි කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

මේ අතර, කළුතර දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් සදහා ලිංගික සෞඛ්‍ය අධ්‍යාපනය පිළිබඳව දැනුවත් කිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට සැළසුම් කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now